Homeසියලුම පුවත්කැලණි පාලම අසල නාඳුනන මළ සිරුරක් හමුවෙයි

කැලණි පාලම අසල නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත කැලණි පාලම ආසන්න ප්‍රදේශයෙන් නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති අතර, ඔහු වයස අවුරුදු 35ත් 40ත් අතර පිරිමි පුද්ගලයෙකු බවට පොලීසිය සැක පළ කරයි.
අඩි 5 අඟල් 5ක් පමණ උසැති මෙම පුද්ගලයාගේ කොණ්ඩය අඟලක පමණ දිගකින් යුක්ත වන අතර, උඩුකය නිරුවත්ව සහ නිල් පැහැති බොටම් කලිසමක් ඇඳ සිට ඇති බවද වාර්තා වේ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments