ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව, ජුනි 24 සිට 30 දක්වා කාලය තුළ ඔවුන් මෙරට රැඳී සිටින අතර, ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ප්‍රගතිය සහ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සංචාරයේදී රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමද IMF නියෝජිත පිරිසගේ ප්‍රධාන අරමුණක් වනු ඇත.
IMF නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

