අද (27) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මුලතිව් දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පැ.කි.මී. 30-40 දක්වා තරමක තද සුළං ද හමා යා හැකි බවත් සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දී තිබෙනවා.
අද සවසත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

