එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් රැසක් මේ වන විටත් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, වෙසක් සමයට සාපේක්ෂව මෙවර දන්සල් වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර, වැඩිම දන්සල් සංඛ්‍යාව උතුරු මැද පළාතෙන් වාර්තා වන බවයි.
දන්සල් ලබාදීමේදී ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයෙන් හැකි තරම් වළකින ලෙස ඉල්ලා සිටින ඔහු, උණුසුම් ආහාර සහ පාන වර්ග ප්ලාස්ටික් භාජනවල ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවන් සිදු කරන බවද සඳහන් කළේය.
එමෙන්ම, භාවිතයෙන් පසු ප්ලාස්ටික් කෝප්ප සහ වෙනත් භාජන අවිධිමත්ව බැහැර කිරීම ඩෙංගු මදුරුවන් බෝවීමට හේතු විය හැකි බැවින්, දන්සල් සංවිධායකයින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
පොසොන් දන්සල්වල ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්නැයි ඉල්ලීමක්

