Homeසියලුම පුවත්මුහුදු ප්‍රදේශ කිහිපයකට කාලගුණ අනතුරු ඇඟවීමක්

මුහුදු ප්‍රදේශ කිහිපයකට කාලගුණ අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, මුහුදද විටින් විට රළු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරියේදී නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබඳවද සැලකිලිමත්ව සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments