Homeසියලුම පුවත්වත්කම් ප්‍රකාශ භාරදීම අදින් අවසන් - හෙට සිට දඩ

වත්කම් ප්‍රකාශ භාරදීම අදින් අවසන් – හෙට සිට දඩ

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත අනුව අදාළ සියලු නිලධාරීන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, අදින් පසු එය සිදු නොකරන පුද්ගලයින්ට දඩ මුදලක් අය කරන බව කොමිසම පවසයි.
කෙසේවෙතත්, විශාල පිරිසක් එකවර වෙබ් අඩවියට පිවිසීම හේතුවෙන් තාක්ෂණික බාධා මතුව ඇති බැවින්, එම හේතුවෙන් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට ජූලි 7 වැනිදා රාත්‍රී 12.00 දක්වා සතියක සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments