Homeසියලුම පුවත්බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධියත් අවදානමට? මැදපෙරදිග අර්බුදය තවත් උග්‍ර වෙයි

බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධියත් අවදානමට? මැදපෙරදිග අර්බුදය තවත් උග්‍ර වෙයි

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ, රතු මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කරන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධියටද බලපෑම් එල්ල විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවලට අනුව, හෝමුස් සමුද්‍රසන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට බලපෑම් එල්ල කිරීමෙන් අනතුරුව, යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම හරහා බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධියටද බලපෑම් කිරීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු පළවී ඇත.

මෙම සමුද්‍ර මාර්ගය සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවලින් ආසියාව වෙත ඉන්ධන ප්‍රවාහනය සඳහා වැදගත් නාවික මාර්ගයක් ලෙස සැලකේ.

මේ අතර, හෝමුස් සමුද්‍රසන්ධිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය හේතුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති අතර, දෙපාර්ශ්වය අතර ප්‍රහාර හුවමාරු අඛණ්ඩව සිදුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අමෙරිකානු හමුදා ඉරානය බලා ගමන් කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් නතර කළ බවද, අනෙක් අතට ඉරානය අසල්වැසි කුවේට් සහ බහරේන් වැනි රටවලට ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.

ඉරානය පවසන්නේ අමෙරිකාව ළමා පිළිකා රෝහලක් සහ සෙම්නාන් ගුවන් තොටුපොළ ඇතුළු සිවිල් ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි. එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය ගැටුමට සාමකාමී විසඳුමක් සොයා ගැනීමට උනන්දුවක් දක්වන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments