ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ වන විට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොළේ තවමත් පවතින අස්ථාවර තත්ත්වය සැලකිල්ලට ගනිමින් QR ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
ඔහුගේ අදහසට අනුව, මෙම ක්‍රමවේදය හරහා ඉන්ධන පරිභෝජනය මෙන්ම විදේශ විනිමය සංචිත කළමනාකරණයද වඩාත් කාර්යක්ෂමව සිදු කළ හැකි වී තිබේ.
එමෙන්ම, ජාත්‍යන්තර යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් ඉන්ධන හිඟයක් හෝ දිගු පෝලිම් ඇතිවීම වළක්වා ජනතාවට අඛණ්ඩව ඉන්ධන සැපයීමේ අරමුණින් QR ක්‍රමවේදය පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.
මේ අතර, දැනට පවතින ජාත්‍යන්තර තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් ජාලයට මෙතෙක් කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම් පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවත් මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

