අලවතුගොඩ, බටුගොඩ ප්රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා සූදානම් කළ ඉඩමක සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මූලික විමර්ශනවලට අනුව, නිවසේ බේස් වළ කපමින් සිටියදී පස් කන්දක් හදිසියේ කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් පසු ඔහු පස් අතරින් මුදාගෙන අකුරණ රෝහල වෙත රැගෙන ගියද, රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලවතුගොඩ ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත දේහය මේ වන විට මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

