Homeසියලුම පුවත්LPL 2026 ආරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස්ට

LPL 2026 ආරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස්ට

6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින් ජය වාර්තා කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති මෙම රාත්‍රී තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 213ක් රැස් කළේය.

එහිදී චරිත් අසලංක පන්දු 38කින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 65ක් ලබා දෙමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සෑම් හාපර් පන්දු 19කින් වේගවත් ලකුණු 40ක් රැස් කළ අතර, නායක දසුන් ශානක පන්දු 12කින් ලකුණු 31ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 35ක් ලබා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූහ.

ලකුණු 214ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.4ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 177ක් පමණි.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34ක් ලබා දක්ෂතා දැක්වුවද, අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක සහායක් ලබාදීමට නොහැකි විය.

මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් හිටපු ඉන්දීය ක්‍රීඩක පියුෂ් චව්ලා සහ දකුණු අප්‍රිකානු සම්භවයක් ඇති වත්මන් නැමීබියානු ක්‍රීඩක ඩේවිඩ් වීස් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද ක්‍රීඩා කළහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments