1990 සුවසැරිය පදනම විසින් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත කඩිනමින් ළඟාවීමේ අරමුණින් මෙම සේවාව ක්‍රියාත්මක කරන අතර, විශේෂයෙන් අධික රථවාහන තදබදයක් පවතින නාගරික ප්‍රදේශ ඉලක්ක කරගනු ඇත.
ගිලන් රථය පැමිණීමට පෙර රෝගියාට ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය සේවා ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සුවසැරිය පදනම සඳහන් කරයි.
මෙම සේවාව සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යොදවන අතර, අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ සහිත යතුරුපැදි භාවිතයට ගැනීමට නියමිතය.
නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මෙම සේවාව මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

