ලොව පුරා විපරීත කාලගුණ තත්ත්වයන් ඇති කරන එල් නීනෝ සංසිද්ධිය මෙවරද දැඩි බලපෑම් ඇති කළ හැකි බැවින් ඒ සඳහා සූදානම් විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.
පැසිෆික් සාගර කලාපයේ ආරම්භ වී ඇති මෙම සංසිද්ධිය දැනට දුර්වල මට්ටමක පැවතියද ඉදිරියේදී ප්‍රබල වීමේ හැකියාවක් පවතින බවට පුරෝකථන නිකුත් වී ඇත.
මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක දැඩි වියළි කාලගුණයක් පවතින අතර, ජල මූලාශ්‍ර සිඳීයාම සහ වගාබිම්වලටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මේ අතර, වියළි කාලගුණය පහව යන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා ඇති අතර, එල් නීනෝ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.

