Homeසියලුම පුවත්එක්සත් ජනපද දූත පිරිසක් සජිත් ප්‍රේමදාස හමුවෙයි

එක්සත් ජනපද දූත පිරිසක් සජිත් ප්‍රේමදාස හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික ක්‍රිසි හවුලාහන් මහත්මිය ඇතුළු දූත පිරිසක් අතර හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වී තිබේ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, අධ්‍යාපනය, යහපාලනය සහ කලාපීය ස්ථාවරත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන සංවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළ අතර, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සහය වෙනුවෙන් එක්සත් ජනපදයට සිය කෘතඥතාවද පළ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments