තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව අදාළ පෙත්සම ලබන ජනවාරි 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ බව වාර්තා වෙයි.

