Homeසියලුම පුවත්අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද ස්වල්ප වැසි අපේක්ෂා කෙරේ.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද සඳහන් වේ.

උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments