බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු සඳහා තාවකාලික විසඳුම් වෙනුවට පුළුල් ප්රතිසංස්කරණයක් සිදුකිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, කෙටි කාලයක් තුළ බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුන් සිදුවීම් දෙකම පද්ධතියේ පවතින බරපතළ දුර්වලතා පිළිබිඹු කරන බවයි.
දුර්වල කළමනාකරණය, නිසි නායකත්වයක් නොමැතිවීම සහ බන්ධනාගාර පද්ධතියට අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් උද්ගත වන බවද ඔහු පෙන්වා දී තිබේ.
එමෙන්ම ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන්ද ඔහු විවේචන එල්ල කර තිබේ.
බන්ධනාගාරවල අධික තදබදය, ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම, සෞඛ්‍ය සේවා සහ පුනරුත්ථාපන වැඩසටහන්වල දුර්වලතා පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

