විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, එම පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි.
මෙම සංශෝධනය යටතේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම, අභියාචනාධිකරණය සහ මහාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, මෙන්ම අගවිනිසුරුවරයාගේ ධුර කාලය උපරිම වසර 6කට සීමා කිරීම යන යෝජනා ඇතුළත් කර ඇත.
පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු එයට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ගැසට් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ක්‍රියාවලියට පෙර මහජන අදහස් හා නීතිමය අභියෝග ඉදිරිපත් කිරීම සඳහාද කාලයක් හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

