Saturday, September 21, 2024
Homeදේශපාලනරනිල් ජනාධිපති කරවන රාජපක්ෂලගේ අලුත්ම සෙල්ලම

රනිල් ජනාධිපති කරවන රාජපක්ෂලගේ අලුත්ම සෙල්ලම

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් අගාධයකට ඇද දැමූ රාජපක්ෂවරුන් පන්නා දැමීමේ ජාතික අරගලය ජයග්‍රහණය කිරීමට හැකි විය.නමුත් ජීවිත පරදුවට තබා අපේ රටේ තරුණයන් කළ එම පරිත්‍යාගය මේ වන විට වැඩ බලන ජනාධිපතිවරයා විසින් විහිලුවකට ලක් කර ඇත.අරගලයේ සැබෑ අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීම පමණක් නොවේ,ඔවුන් සමග ඩීල් දමමින් මේ රටේ ජනතාව රැවටූ රනිල් වික්‍රමසිංහව ද එළවා දැමීමයි.

ජනතා බලය අන් සියල්ලට වඩා ඉහළ බව මුළු රටම එක් හඩින් ප්‍රකාශ කළ ද , අද රනිල් වික්‍රමසිංහ ‍ජනතා බලය අමු අමුවේ විනාස කරමින් නැවත දේශපාලන ඩීල් එකකට සැරසෙයි.මේ රටින් එළවා දැමූ රාජපක්ෂවරු සුරක්ෂිත කිරීම රනිල්ට පැවරී ඇති රාජකාරියකි.ඒ සදහා රාජපක්ෂ හිතෛෂී දූෂිත ව්‍යාපාරික දෙපළක් මේ වන විට ප්‍රකෝටි ගණන් මන්ත්‍රීවරුන් මිලට ගැනීම වෙනුවෙන් යෙදවීමට මාන බලමින් සිටී.

රනිල්ගෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කනේ පහරක්

රාජපක්ෂලා වෙනුවෙන් වසර ගණනාවක් පෙනී සිටි ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබිය දීත් ,රාජපක්ෂලා තම පක්ෂයේ නියෝජිතයා වෙනුවට සිය ගජ මිතුරා වූ රනිල්ව ජනාධිපති කිරීමට ඩීල් දමමින් සිටී.මෙය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කනට ගැසීමකි.කියන්නට ඇත්තේ ඩලස්ට හොද වැඩේ කියාය.පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට
මෙය හොද පාඩමකි.

අරගලකරුවන් විසින් අවසන් කළ රාජපක්ෂ දේශපාලනයත් ,ඩීල් දේශපාලනයක් ලබන 20 වන දා පාර්ලිමේන්තුවට ගෙන්නට ඩීල් රනිල් සුදානමින් සිටී.මේ ඩීල් රනිල්ට ඡන්දය දීම අරගලයට කළු පැල්ලමකි.රටේ ජනතාවගේ අරගල හඩට ඇහුම්කන් දී රාජපක්ෂවරු අත් හැර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩලස් ජනාධිපති කිරීම රනිල් සහ රාජපක්ෂවරු අවසන් කිරීමට මේ මොහොතේ කළ හැකි හොදම විකල්පය වේ.විපක්ෂය ද එයට සහයෝගය දැක්වීමට එකග වී ඇත්තේ රටේ පවතින අර්බුදයට ඉක්මන් විසදුමක් සාර්ව පාක්ෂික ආණ්ඩුවක් හරහා ලබා දිය යුතු බව පවසමින්ය.

අරගලයේ පොදු හතුරන් වූ රාජපක්ෂවරු පන්නා දමා අවසන්‍ ය.දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් ඩීල් රනිල් පන්නා දැමීමේ අරගලයට සහය දිය යුතුය.රනිල්ගේ වෑයම අවසන් මොහොතේ හෝ පොහොට්ටුවේ කර මතින් සිය ජනාධිපති සිහිනය සැබෑ කරගෙන සිය හෙන්චයියන්ට බලය ලබා දීමය.අවසානයේ රනිල්ගේ පදයට නැටීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සිදු වනු ඇත.මේ රාජපක්ෂ -රනිල් කූට උපාය පාරජය නොකළොත් මේ රටේ දූෂිත දේශපාලනය අවසන් කරන්නට තරුණයන් දැරූ වෙහෙස අපතේ යනු නිසැකය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments