Homeසියලුම පුවත්කුරුවිට බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්

කුරුවිට බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර අද (07) යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ (06) රාත්‍රියේ ද එවැනි නොසන්සුන්තාවක් ඇතිවූ අතර එය පාලනය කිරීමට පියවර ගත් බවයි. කෙසේ වෙතත් අද උදෑසන යළිත් නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි සිදුකර තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන් වේ.

මේ අතර, කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇතිවූ අතර, පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මැදිහත්ව අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments