Homeසියලුම පුවත්මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන් පාලනය කරයි

මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන් පාලනය කරයි

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කා මහතා ප්‍රකාශ කළේය.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කළ කුඩා පාර්සලයක් නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති අතර, පසුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබුණි.

බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තත්ත්වය පාලනය කර රැඳවියන් යළි සිරකුටි වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද යොදවා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments