Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ, කොත්මලේ බටහිර, අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ් සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද එම අනතුරු ඇඟවීම බලාත්මකය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට, දැරණියගල සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, පන්විල, මැදදුම්බර, උඩපළාත, ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඕපනායක සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද අදියර එක යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments