Homeසියලුම පුවත්මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න

මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය දැනුම් දෙයි.
එමෙන්ම සෙසු ප්‍රදේශවලින් පිටත්වන යාත්‍රාද මෙම අවදානම් සහිත මුහුදු කලාපවලට ඇතුළු නොකරන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක් අතිශය රළු ස්වභාවයක් ගනු ඇති බවයි.
ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි අතර, එම ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව සඳහන් වේ.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිත වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත තත්ත්වයක් පවතින බව දැනුම් දී තිබේ.
ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදින ලෙස සමස්ත ධීවර ප්‍රජාවගෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී

RELATED ARTICLES

Most Popular

Recent Comments