Homeසියලුම පුවත්දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද ලෙඩ නිවාඩු

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද ලෙඩ නිවාඩු

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක පමණ කාලයක් තුළ වැඩි කර නොමැති බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා පවසයි.

2024 වසරේදී එම දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණද, මේ දක්වා එය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments