Homeසියලුම පුවත්සංඥා භාෂා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට

සංඥා භාෂා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට

සංඥා භාෂා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය යටතේ පැවැත්වෙන 35 වැනි කමිටු සැසියට සහභාගීවීමට පෙර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙම සැසිය අගෝස්තු 14 සහ 15 යන දෙදින තුළ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, එහිදී ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ පළමු වාර්තාව සමාලෝචනය කිරීමට නියමිතය.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහාද කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, එය මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

අධ්‍යාපනය, ප්‍රවාහනය, නිවාස සහ ජල සම්පාදනය ඇතුළු ක්ෂේත්‍ර රැසකදී ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments