ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත ආසන්නයේ අද (15) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් සිදුව තිබේ.
මෙය අද අලුයම ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසුව සිදුවීම විශේෂත්වයකි.
අලුයම සිදුවූ භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අද පස්වරුවේ සිදුවූ 6.9ක භූමිකම්පාවෙන්ද ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ජන ජීවිතය ආරක්ෂා සහිත බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

