Homeසියලුම පුවත්අයිස් මත්ද්‍රව්‍ය සමඟ 19 හැවිරිදි තරුණයෙකු අහුංගල්ලේදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ 19 හැවිරිදි තරුණයෙකු අහුංගල්ලේදී අත්අඩංගුවට

අහුංගල්ල, ගල්බොක්ක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ 19 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204යි මිලිග්‍රෑම් 660ක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකු බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments