Homeසියලුම පුවත්අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට

අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට

සුභාවිත ගී පබැඳුමෙන් රසික හදවත් සැනසූ, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ අද (19) පස්වරුවේ තැන්පත් කිරීමට නියමිතව තිබේ.

උන්වහන්සේ ඊයේ පස්වරුවේ අපවත් වූයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදියි.

ලා දළු බෝපත්, මේ ඉර හඳ යට හමුවී, පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති, සෙනෙහස පුදා අම්මාවරුන් වගේ, හිමි සණරාමර වැනි මෙරට රසික හදවත් තුළ ලැගුම්ගත්, හදවත් සුවපත් කළ සම්මානනීය ගීත රැසක් පබැඳූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ඊයේ පස්වරුවේ අපවත් වුණා.

ඒ වනවිට උන්වහන්සේ 76 වැනි වියේ පසුවිය.

උන්වහන්සේ අපවත් වූයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

උන්වහන්සේ කලක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ජිනරතන අභ්‍යාස ආයතනය භාරව ද කටයුතු කළේය.

මහජන ගෞරවය වෙනුවෙන් සිකුරාදා දක්වා එම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එදින පස්වරුවේ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩා පිටියේදී සිදු කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments