මේ වනවිට පවතින එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පැවතීමේ සම්භාවිතාව සියයට 97ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලබන මාසයේදී උතුර, නැගෙනහිර, උතුරුමැද සහ මොනරාගල වැනි දිස්ත්‍රික්කවල වැසි රහිත කාලගුණික තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇති බව සඳහන් වෙයි.
මේ බව අද (20) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේය.
“මෙම එල්නිනෝ තත්ත්වය ලබන වසර මුල දක්වා යනවා කියන එකට 97%කින් ගෝලීය පුරෝකතන වෙනවා. ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. මිනිස් සිරුරට දරා ගන්න අපහසු තත්ත්වයකට යන්න පුළුවන්…”

