අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන සඳුදා (31) රැස්වීමට නියමිතය.
එහිදී පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර තිබේ.

