Homeසියලුම පුවත්කිරිපිටි ඇතුළු භාණ්ඩ මිල ඉහළ දැමූ බවට පුවත් අසත්‍යයි

කිරිපිටි ඇතුළු භාණ්ඩ මිල ඉහළ දැමූ බවට පුවත් අසත්‍යයි

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
BREAKING NEWS ලෙස හුවමාරු වන මෙම පුවතේ සඳහන් මිල ඉහළ දැමීම සම්බන්ධ තොරතුරු තහවුරු නොකළ ඒවා බව එම අධිකාරිය සඳහන් කරයි.
එවැනි ව්‍යාජ හෝ තහවුරු නොකළ තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින ලෙසත්, සැක සහිත මිල වෙනස්වීම් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments