Homeසියලුම පුවත්රවී කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

රවී කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට රවී කරුණානායක මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියේය.
මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද, එම අවස්ථාවේදී ඔහු පැමිණ නොතිබිණි.
ඒ හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පසුගියදා මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී ඔහු නිවසේ නොසිටි බව වාර්තා වේ.
තම දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් වෙනත් දිනයක ප්‍රකාශය ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments