Homeසියලුම පුවත්කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැකකරු අත්අඩංගුවට

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැකකරු අත්අඩංගුවට

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වී සිටියදී මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments