හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
නියමිත ක්‍රමවේදයට අනුව තෝරාගෙන තිබූ සමාගම ඉවත් කර, තම හිතවතෙකුට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම තුළින් රුපියල් ලක්ෂ 74ක පාඩුවක් සිදුකළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත.
මේ අතර, එම සිද්ධියට අදාළව දූෂණ වරදක් සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අදාළ කොන්ත්‍රාත්තුව ලබාගත් පෞද්ගලික සමාගමේ හිමිකරුද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

