Homeසියලුම පුවත්තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංවූ පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගැනේ

තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංවූ පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගැනේ

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පිරිසක් නාවික හමුදාව විසින් ආරක්ෂිතව බේරාගෙන තිබේ.

එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නාවික හමුදාව සිදුකළ මුර සංචාරයකදී වැලිපරයක අතරමංව සිටි පිරිස නිරීක්ෂණය වී ඇති අතර, පසුව ඔවුන් ආරක්ෂිතව මුදාගැනීමට පියවර ගෙන ඇත.

මෙම පිරිස දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

මුදාගත් පිරිස අතර පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් සිව්දෙනෙකු සහ වයස අවුරුදු 2ත් 14ත් අතර ළමුන් තිදෙනෙකු සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

පීඩාවට පත්ව සිටි ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, ආහාර සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදීමටද නාවික හමුදාව කටයුතු කර තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පිරිස ඉන්දියාවේ අනෛයූර් සහ ඔක්කූර් සරණාගත කඳවුරුවල සිට රාමේෂ්වරම් ප්‍රදේශය හරහා මෙරටට පැමිණ ඇති බවයි.

ඔවුන් මීට පෙර ඉන්දියාවේදී සරණාගතභාවය ඉල්ලා ඇති බවද අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයින් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා බලධාරීන් වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments