කිරිඳිවැල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2018 සැප්තැම්බර් 09 වැනිදා සිදුව ඇති මෙම අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
විමර්ශන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, අපරාධයට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරිය වන ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ ඊයේ (07) දහවල් කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය 49 හැවිරිදි නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

