තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ.
කොළඹදී පැවැති එම හමුවේදී දෙරටට අදාළ පොදු කරුණු මෙන්ම ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සංකේතවත් කරමින් රාජ්නාත් සිං මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර තිළිණ හුවමාරුවක් ද සිදුව තිබේ.

