Homeසියලුම පුවත්ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට එරෙහි ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන...

ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට එරෙහි ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනපති අවධාරණය කරයි

ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

මෙරටට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටද නායකයින් මෙහිදී එකඟ වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව සමයේදී ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ ඉන්දියාව ලබාදුන් මානුෂීය සහන සහ පුනරුත්ථාපන ආධාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ආසන්නතම අසල්වැසියා සහ මිතුරා ලෙස පළමු ප්‍රතිචාර දක්වන්නා වශයෙන් සහයෝගය ලබාදීම ඉන්දියාවේ වගකීමක් ලෙස සලකන බවයි.

එම සහාය අනාගතයේදීත් අඛණ්ඩව ලබාදෙන බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments