Homeසියලුම පුවත්දෙවන වටයේ විශ්වවිද්‍යාල තේරීම් ලැබූ සිසුන්ට වැදගත් දැනුම්දීමක්

දෙවන වටයේ විශ්වවිද්‍යාල තේරීම් ලැබූ සිසුන්ට වැදගත් දැනුම්දීමක්

2025 වසරේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින්, පුරප්පාඩු පිරවීමේ දෙවන වටය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරාගෙන තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් මෙම තේරීම් සිදුකර ඇති අතර, තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචි කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

ඒ අනුව, මෙම වටය යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වූ සිසුන් 2026 සැප්තැම්බර් 17 වන දිනට පෙර සිය ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු බව දැනුම් දී ඇත.

අදාළ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ලියාපදිංචිය සම්බන්ධ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments