විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක විදෙස් ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු වාර්තාවකට අනුව, එය 2025 අගෝස්තු මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 680.8ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ යාමකි.
මේ අතර, මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8ක කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් බව මහ බැංකුව සඳහන් කරයි.
එයද පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් වන අතර, 2025 වසරේ මුල් මාස 8 තුළ ලැබී තිබූ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක් බව වාර්තාවේ දැක්වේ.

