උතුරු මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (14) දිවා කාලයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
අද (13) පස්වරු 4.00ට නිකුත් කළ අවවාදාත්මක නිවේදනයට අනුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම, ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව සඳහන් වේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.

