ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (14) පෙරවරු 10.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය පස්වරු 11.30 දක්වා වලංගු වේ.
ඒ අනුව උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලටද අකුණු අනතුරු සම්බන්ධයෙන් වැඩි අවදානමක් පවතින බව දැනුම්දී ඇත.
එම ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකි බැවින්, අකුණු සහ සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

