Homeසියලුම පුවත්ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය දිවි සැරියෙන් සමුගනී

ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය දිවි සැරියෙන් සමුගනී

මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වූ දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 91 වැනි වියේ පසුවූ ඇය කළුබෝවිල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක දීර්ඝ කාලයක් නර්තන ආචාර්යවරියක ලෙස සේවය කළ දයා නෙල්ලම්පිටිය මහත්මිය දහස් සංඛ්‍යාත දූදරුවන්ට උඩරට නර්තන සම්ප්‍රදාය හැදෑරීමට මඟ පෙන්වූ විශිෂ්ට ගුරුවරියකද වූවාය.

ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ ඇය, වර්තමානයේ මෙරට කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින ප්‍රවීණ කලාකරුවන් රැසකගේ මුල් ගුරුවරියක ලෙසද කටයුතු කර තිබේ.

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලා, ජනගී සහ නර්තන කලාව සංරක්ෂණය කරමින් එම උරුමය අනාගත පරපුරට දායාද කිරීම සඳහා දයා නෙල්ලම්පිටිය මහත්මිය කළ මෙහෙවර අනුපමේය බව කලා ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දෙති.

ඇයගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments