Homeසියලුම පුවත්රුමේෂ් තරංගගේ හෙල්ල 5කට ගුවන් ගමනේදී හානි

රුමේෂ් තරංගගේ හෙල්ල 5කට ගුවන් ගමනේදී හානි

වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ කැපී පෙනෙන දක්ෂතා දක්වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.

එහිදී ඔහු සතු හෙල්ල 5ක් ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේදී සැකසහිත ලෙස කැඩී හානි වී ඇති බව වාර්තා වේ.

රුමේෂ් තරංග විසින් හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක දුරක් සහ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී මීටර් 92.07ක දුරක් විසි කර ලෝක වාර්තා තැබීමට භාවිත කළ හෙල්ලද ඇතුළුව ඔහු භාවිත කරන හෙල්ල 5ටම මෙලෙස හානි වී ඇති බව සඳහන්ය.

අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම 5.10ට තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.-730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments