Homeසියලුම පුවත්ටෙලිග්‍රෑම් හරහා මුදල් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට

ටෙලිග්‍රෑම් හරහා මුදල් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ටෙලිග්‍රෑම් සමූහයක් හරහා අන්තර්ජාල ව්‍යාපාරයකින් මුදල් උපයාගත හැකි බව පවසමින් මුදල් ලබාගෙන ඇති බවට ඇයට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව රුපියල් 542,877ක මුදලක් ලබාගෙන ඇති අතර, ඉන් රුපියල් 66,999ක මුදලක් වංචා කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඊයේ (18) උදෑසන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, 2024 පෙබරවාරි 10 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments