සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාජා එම දඬුවමින් නිදහස් කරගැනීම සඳහා දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් මෙන්ම සෞදි අරාබි රජුගෙන්ද විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර තිබේ.
මෙම මැදිහත්වීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සහාය ලබාගැනීමටද අපේක්ෂා කරන බව මන්ත්‍රීවරයා පැවසීය.
කල්මුණේ, නර්පත්තිමුනේ පිහිටි අනෝජන්ගේ නිවසට ගිය රිෂාඩ් බදියුදීන් මහතා ඔහුගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙරට සිටින සෞදි අරාබි නියෝජ්‍ය තානාපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වේලාවක් ඉල්ලා ඇති බවයි.
අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිතයෙකු සෞදි අරාබිය වෙත යවා අනෝජන් වෙනුවෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අනෝජන් සිවරාජා සම්බන්ධ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ එක්ව ඉදිරි නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
අනෝජන් වෙනුවෙන් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරු එක්වෙති

