Homeසියලුම පුවත්විදේශීය තානාපති ප්‍රධානීන්ට නැගෙනහිර සංචාරක සංවර්ධන අධ්‍යයන චාරිකාවක්

විදේශීය තානාපති ප්‍රධානීන්ට නැගෙනහිර සංචාරක සංවර්ධන අධ්‍යයන චාරිකාවක්

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් සංවිධාන කළ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන චාරිකාවක් අද (19) ආරම්භ කර තිබේ.
කොළඹින් ආරම්භ වූ මෙම තෙදින සංචාරය පාසිකුඩා වෙත පැමිණ ඇති අතර, එහිදී තානාපති ප්‍රධානීන් පාසිකුඩා වෙරළ තීරයේ සංචාරය කර තිබේ.
අද පස්වරුවේ කුඩා හා මධ්‍ය පරිමාණ හස්ත කර්මාන්ත නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනයක් නැරඹීමටද ඔවුන් නියමිතය.
නැගෙනහිර පළාතේ සංස්කෘතික, සමාජීය හා ආර්ථික වටිනාකම් මෙන්ම උරුමයන් සහ සංචාරක ප්‍රවර්ධන හැකියාවන් ජාත්‍යන්තරයට හඳුන්වාදීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
සංචාරය අතරතුරදී විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් නැගෙනහිර පළාතේ දේශපාලන නායකයින්, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් හමුවී ආයෝජන හා කලාපීය සංවර්ධන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිතය.
හෙට (20) එරාවුර් අපනයන සැකසුම් කලාපය, සේරුවිල බෞද්ධ විහාරය සහ ත්‍රිකුණාමලය කෝණේෂ්වරම් හින්දු දේවස්ථානය නැරඹීමට නියමිත අතර, තෙවන දිනයේදී ඔවුන් කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments