Homeසියලුම පුවත්අගමැතිනිය සහ IMF නියෝජිත පිරිස අතර සාකච්ඡාවක්

අගමැතිනිය සහ IMF නියෝජිත පිරිස අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.

ඒ, ඊයේ (22) පාර්ලිමේන්තුවේදීය.

ශ්‍රී ලංකාවේ IMF සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ එහි හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවී තිබේ. මෙම හත්වැනි සමාලෝචනය සඳහා IMF කණ්ඩායම සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවද වාර්තා වේ. 0

අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරිය, බාහිර බලපෑම් මධ්‍යයේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව සඳහන් කළාය.

රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවද ඇය අදහස් පළ කර ඇති අතර, IMF විසින් විවෘත හා විනිවිදභාවයෙන් යුතුව ලබාදෙන සහාය අගය කර තිබේ.

ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා රජය දරන ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දැක්වීමට IMF දක්වන කැමැත්තද අග්‍රාමාත්‍යවරිය අගය කර ඇත.

එමෙන්ම බාහිර සාධක ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඇය, සංවර්ධන හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේදී තිරසර, වගවීමකින් යුත් සහ සියලු දෙනා ඇතුළත් ආර්ථික වර්ධනයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සඳහන් කර තිබේ.

දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත වත්කම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන තොරතුරුවල පෞද්ගලිකත්වය සහ විනිවිදභාවය අතර සමතුලිතතාව පවත්වා ගැනීම පිළිබඳවද අවධානය යොමුවී ඇත.

IMF ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩමිකෙල් මහත්මිය ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“`1

RELATED ARTICLES

Most Popular

Recent Comments