Homeසියලුම පුවත්ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවියට වැටක්

ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවියට වැටක්

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මහත්මිය මේ බව සඳහන් කළාය.

වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බවද ඇය පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මේ වනවිට සකස් කර ඇති අතර, එය ඉදිරියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද සමන්තා කරුණාසේන මහත්මිය සඳහන් කළාය.

යෝජිත නව අවශ්‍යතා යටතේ ඇසුරුම් කර අලෙවි කරන පොල්තෙල්වල නිෂ්පාදනයේ නම, බර, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ තොරතුරු ඇතුළු අත්‍යවශ්‍ය ලේබල් තොරතුරු සඳහන් කළ යුතු වේ.

එමෙන්ම දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන පොල්තෙල්වල අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments