එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන මුදල් විශුද්ධිකරණ විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය. 0
නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත්, ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් තවදුරටත් පැහැදිලි කරගැනීමට අවශ්‍ය බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ කරුණු ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.
“`1

