පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම සඳහා පොලිස් මූලස්ථානය නව පියවරක් ගෙන තිබේ.
ඒ අනුව 2026 සැප්තැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිෂ්කාශන අංශය වෙත WhatsApp හරහා පණිවිඩ යොමු කිරීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
නව WhatsApp අංකය: 071-8595950
මෙම අංකය WhatsApp පණිවිඩ සඳහා පමණක් භාවිත කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.
අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු WhatsApp පණිවිඩ මඟින් යොමු කිරීමට මෙන්ම පොලිස් නිෂ්කාශන අංශය සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් විමසීම් සිදුකිරීමටද මෙම පහසුකම ඔස්සේ හැකියාව ලැබේ.

